PDF File වලට දාලා තියන Security Locks අයින් කරගන්න ලේසිම විදිහ

කොහොමද කට්ටියට..? ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා මේ දවස් වල වැඩ ටිකක් වැඩියි මේ දවස් වල කියලා හැමදාම කිව්වට හැමදාම මොකක් හරි සෙට් වෙනවා. අද කියන්න යන්නේ ගොඩක් අයට වැදගත් වෙන දෙයක් ගැන. මේක මේ අපේ Office එකේ ඉන්න කෙනෙක්ගේ PDF File වගයක් Print කරන්න ගිහින් උන දෙයක්, කට්ටියට වැදගත් වෙයි කියලා මම මේක දිනපොතේ දාන්න හිතුවා. සමහර PDF Internet එකේ දාලා තියෙන්නේ Security Add කරලා ඒ කියන්නේ Print කරන්න Copy කරගන්න බැරිවෙන්න Settings හදලා, අපේ Office එකේ මනුස්සයා ගෙනාපු PDF එකේ ඔක්කොම Block කරලා මොකුත්ම කරන්න බෑ දැන් Final Year එකේ ඉන්න අය තමන්ගෙ ප්‍රොජෙක්ට් / රිසර්ච් වලට ගෙඩි පිටින් PDF බානවනේ මෙහෙම ගත්තු ඒවගේ වචන ටික කොපි කරගන්න බැරි ඒවා මෙන්න මේ මම කියන විදිහෙන් ලේ සියෙන්ම Security Settings Unblock කරගන්න පුලුවන් කරන්න තියෙන්නේ මෙන්න මේ පහල සයිට් එකට ගිහින් PDF File එක Upload කරගන්න විතරයි. Registration, Email දෙන ඒවා මොකුත්ම නෑ Upload කරලා ටික වෙලාවකින් ඉබේම Download වෙනවා. මෙක 200Mb යනකම් තියන PDF File එකක් Unblock කරගන්න පුලුවන්.

PDF  security remover Online 


PDF Security Remover By Comeege Dinapotha



එහෙනම් දිනපොතත් එක්ක හැමදාම ඉන්න කියන ගමන් ගිහින් එන්නම්. කට්ටියටම ජය වේවා..!

Post a Comment

0 Comments