.NET Frame work for Windows 8 and Windows 8.1 .නෙට් ප්‍රශ්නෙට විසදුම

.net Framework for Windows 8 and Windows 8.1
කොහොමද කටිටියට.. ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ Windows 8 / 8.1 පාවිච්චි කරන අයට එන ගැටලුවක් ගැන. මේක දාන්න ඕනි කියලා හිතුනේ Campus එකේ 3rd Year ඉන්න ළමයින්ට මේ සැරේ Computerized Accounting Subject එකක් තියනවා මේකට Quick Book (QB) දාගන්න වෙනවා මේක දාගන්න ගියාම Windows 8 හෝ 8.1 පාවිච්චි කරන අයට .net framework නැ කියලා කතන්දරය එනවා ඉතින් කට්ටිය Lap උස්සන් එහෙ මෙහෙ යනවා ඒ නිසා ඔක්කොටම දැනගන්න මේක දාන්න හිතුනා. Windows 8 හෝ 8.1 වල සමහර මෘදුකාංග ස්ථාපනය කරන්න ගියාමත් කියනවා මේ සදහා .net framework 2.0, 3.0, 3.5 වලට වඩා වැඩි වෙන්න ඕනි කියලා අන්න ඒ ප්‍රශ්නෙට විසදුම තමා මම අද කියන්නේ. මේ  සදහා Microsoft සමාගමේ නිල වෙබ් අඩවියේ Windows 8 / 8.1  වලට අදාල යාවත්කාලීන කිරීම ලබා දී තිබුනත් අවාසනාවකට එකෙන් සමහර විට හරියන්නේ නෑ ( හරියනව ඇති ඒක හරි ගස්සගන්න මම දන්නේ නෑ ) ඒ යාවත්කාලීන කිරීම Windows 7 භාවිතා කරන්නන්නම් හට නම් හරියනවා. මේ සදහා එක පාරින්ම වැඩේ හරියන Update එකක් මම හොයාගත්තා මේක ස්ථාපනය කරලා Restart කරානම් වැඩේ හරි වැඩි කතා ඕනි නෑ මෙන්න පහල Link එක තියනවා Unzip කරලා DotNet_Win8.1.exe කියන එක මගින් ස්ථාපනය කරගන්න.


.net Framework for Windows 8 and Windows 8.1

https://www.dropbox.com/s/fesapqzehbcilo7/dotnet_win8.1.zip?dl=0

Microsoft සමාගමේ නිල වෙබ් අඩවියේ Link එක

https://www.microsoft.com/en-us/download/details.aspx?id=42642

එහෙනම් කට්ටියටම ජය වේවා..!



Post a Comment

0 Comments