සුද්ද සිංහලෙන් ටයිප් කරන්න

Key man කියන්නේ සිංහල ටයිපින් සදහා නැතුවම බැරි මෘදුකාංගයක්. ඒ කියන්නේ සිංහල යුනිකෝඩ් නැතුව සිංහල font එකකින් ටයිප් කරනවනම් මෙම මෘදුකාංගය ගොඩක් වැදගත් වෙනවා මොකද ස්පිලි පාපිලි දාන්න ගියාම නැත්තම් ඇනෙනවා. මෙම මෘදුකාංගය ඉතා කුඩා මෘදුකාංගයක්, ඒවගේම ඉතා කුඩා ඉඩකඩක් ස්ථාපනය වීමටත් ගන්නේ. මෙකේ setup දෙකක් තියනවා ඉස්සරලා key man  ස්ථාපනය කරගෙන යතුරු පුවරුව සදහා ඇති අනෙක් මෘදුකාංගය ස්ථාපනය කරගන්න.
වැදගත් දෙයක් කියන්න තියනවා Key man මෘදුකාංගයේ මෙම සංස්කරනය Windows 7 සමග කි‍්‍රයා කරන්නේ නෑ ඔන්න. XP වලට විතරයි වැඩ කරන්නේ.

පහත Download බොත්තම ඔබලා භාගන්න

Post a Comment

0 Comments