Windows 7 වල හැංගුන Themes ටික එලියට ගමුද..?

Comeege dinapotha
කොහොමද කට්ටියට...? අද කියන්නේ පොඩි Windows 7 ටිප්ස් එකක් ගැන. අපි ගොඩක් දෙනෙක් අපේ පරිගනකයට Themes දානවනේ පොඩ්ඩක් ලස්සනට තියාගන්න. අපි මෙ සදහා ගොඩක් වෙලාවට කරන්නේ Themes ටිකක් Download කරලා දාගන්න එක හැබැයි ගොඩක් Free Theme දෙනවා කියලා දුන්නට ඒවගේ වෛරස් බොහොමයක් තියනවා. අද මම කියන්නේ Windows 7 වල තියන හැංගුන Theme ටික කොහොමද ගන්නේ කියලා. මෙවා හැංගිලා කියන්නේ මෙ Theme දෙන්නේ ඒ අදාල රටවල් වලට විතරයි. ඒත් මෙ  ටික ගන්න ක‍්‍රමයක් තියනවා දැන් කියන්න යන්නේ ඒ කොහොමද කියලා. මෙකට කරන්න තියෙන්නේ මෙන්න මෙ පහල තියන විදිහට ගිහින් Themes ටික ඇක්ටිවෙට් කරගන්න විතරයි.


  • ඉස්සරලම මෙන්න මෙතනට යන්න.
 C:\Windows\Globalization\MCT
C ඩ‍්‍රයිව් එකේ වින්ඩෝස් Folder එකේ තියන ග්ලෝබලයිසේෂන් Folder එකේ තියන MCT Folder එක
  • මෙන්න මෙ Folder එක ඇතුලේ මෙන්න මෙ විදිහට තව Themes 5ක් තියනවා.



  • එක එක Folder එක ඇතුලට ගිහින් ඒක ඇතුලේ තියන Theme Folder ඒකේ තියන Theme File එක ඇක්ටිවෙට් කරගන්න.
  • මෙ විදිහට ඔක්කොම Themes ටික ඇක්ටිවෙට් කරගන්න එච්චරයි.
  • මාරු කරගන්න අවශ්‍ය නම් Right Click කරලා Personalize ගිහින් මාරු කරගන්න.
  • මෙන්න මෙ Themes ටික තමා තියෙන්නේ.


මෙන්න Windows 7 Themes භානවනම් ඔරිජිනල් මයික්‍රෝසොෆ්ට්


Free Windows 7 Themes Download By Comeege Dinapotha


එහෙනම් ඔක්කොටම ජය වෙවා...! කමෙන්ටුවක් දාලා දිනපොතේ නම දාලා යන්න කියලා කියනවා.

Post a Comment

3 Comments