ගිනි හිවලා කලු කරන්න......

ඉතින් කොහොමද කට්ටියටම ගොඩ දවසකින් එන්න හම්බුනේ මොකද කියනවනම් මෙ දවස්වල වැඩ ගොඩ ගැහිලා. මගේ මතකේ හැටියට  MID Exam 2ක්, Quiz 2ක්, Report 1ක්, Presentation 1ක්, හෙට Quiz 1ක් සහ තව ඊලග සතියට Project 2ක්, Presentation 1ක් කරන්න තියනවා........ ටියුෂන් කාලේ සර්ලා කිව්වට කියන්න සුර ලෝකේ කියලා. ඔන්න ඔකයි තත්වෙ.. හරි ඒවා ඉතින් මගේ ප‍්‍රශ්නනේ මෙ ඔක්කොම අස්සේ අද ආවෙ කොහොමද ගිනි හිවලා කලු කරන්නේ කියලා කියන්න. මෙක අර නිල් මුට්ටිය හලා ගත්ත හිවලගේ කතාව නෙවෙ. මෙකෙන් කියන්නේ Firefox වලට කොහොමද සුපිරි Theme එකක් දාගන්නේ කියලා. මෙකට කරන්න තියෙන්නේ මෙන්න මෙ මම පහල කියලා තියන විදිහට ගිහින් ඉස්සරලම Theme එකක් තෝරගෙන Browser ඒක එකට දාගන්න විතරයි. අන්න එහෙම තමා ගිනි හිවලා කලු කරගන්නේ. 

මෙන්න කරගන්න විදිහ...
  • ඉස්සරල Firefox Browser එක Open කරගන්න.
  • ඔන Theme එක තේරුවාම Download හරි Install කියලා හරි අහයි, Download හරි Install කියලා අහන එක දීලා යන්න..
  • Download වෙලා ටික වෙලාවකින් Install වෙන්න අහයි Install කියලා දෙන්න.
  • දැන් අයමත් Restart කරන්නද අහයි Restart දෙන්න වැඩෙ හරි.
මෙන්න කලු උන ගිනි හිවලා...

එහෙනම් කට්ටියටම ජය වෙවා කියලා. මම යනෝ වැඩ ගොඩ ගැහිලා Exam එකත් ලගනේ.....  :(

Post a Comment

3 Comments

  1. එල ඈ
    වැඩ ටික හොඳට කරගන්න.

    ReplyDelete
  2. පට්ට පට පට..විභාග කර ගනියෝ..........
    එහෙම කිව්වට මටත් ලබන මාසෙ A/L
    මේ පේනවනෙ........... බ්ලොග් ලියන එකත් හරියට ගංජා ගහනව වගේ.ඇබ්බෑහි උනොත් උනාමයි.. ඔන්න මම ගංජා ගෑන කිව්වෙ උදාහරනෙකට විතරයි.අපි තාම කිරි සප්පයො...

    ReplyDelete
  3. හහ්..... ඒක ඇත්ත ඇබ්බැහි උනොත් ඉවරයි තමා.., ගංජා... මොනවද ඒ... හොදට A/L කරගන්න.

    ReplyDelete