SQL Server Sinhalen


කොහොමද කට්ටියට... කට්ටියටම සුභ වෙන්න කියලා කියන ගමන් කියනනේ SQL Server Sinhala පාඩම් මාලාව ගැන. SQL Server ගැන කෙටියෙන් කිව්වොත් මේක Database Management System (DBMS) එකක්, කෙටියෙන් කියනවනම් ඒ කියන්නේ Database එකක් හදන්න, නැවත අඩුපාඩු  සකස් කරන්න, යාවත්කාලීන කරන්න කොටින්ම ඒ කියන්නේ Database එක කළමනාකරණය කරන්න සහය දෙන මෘදුකාංගය තමා මේ Database Management System කියන්නේ. SQL Server එක කියන්නෙත් මේවගේ Database Management System එකක් මේක මයික්‍රෝසොෆ් ආයතනයෙන් දෙන එකක් හැබැයි මේක නිකන් දෙන එකක් නෙවේ නමුත් අපි වගේ ඉගෙන ගන්න එවුන්ට Express සංස්කරනය නිකන් දෙනවා. Download කරගන්න කැමති අයට මම ලින්ක් එක පහල දානවා එතනින් භාගන්න පුලුවන්. මම අද ඉදලා ඔයාලට පාඩම් මාලාවක් විදිහට SQL Server මූලික දේවල් කියලා දෙනවා. මම කියලා දෙන්නේ SQL Server 2008 R2 Developer Edition මේක හැබැයි 5.30 GB විතර තියනවා. Developer Edition කියලා එච්චර වෙනසක් නෑ දෙකම එක වගේ තමා අපේ වැඩ ටික කරගන්න ඇති. ම්.. ඔයාට Developer Edition එක ඔනි නම් ඔයාලට හොදම දේ තමා Shop එකකින් SQL Server 2008 R2 Developer Edition එක සල්ලි දීලා ගන්න එක. මගෙ හිතේ ඒක භාගන්නවට වඩා වාසි වෙයි. මොකද එක උපරිම උනොත් 250ක් වෙයි. හරි අද කිවේ මේකේ මූලික දේවල් ටික. වැඩි විස්තර දැනගන්න මම ලින්ක් එකක් දාන්නම්. ඊලග දවසේ ඉදලා පාඩම පටන් ගන්නවා ළමයිනේ. කට්ටියම පන්තියට එන්න ඔන්න. එහෙනම් කට්ටියටම ජය වේවා...

 
වැඩිපුර තොරතුරු :- http://www.microsoft.com/en-us/download/details.aspx?id=1695



Post a Comment

5 Comments

  1. තමන් දන්නා දේ අනිත් අයට කියාදීම ගොඩක් වටිනවා සහෝ,, :)

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි‍....

    ReplyDelete
  3. SQL example ටිකක් දාන්නකෝ ඉක්මනටම

    ReplyDelete
  4. aiyooooooo kawadada me padama patan ganne??????dan ki dawasak balagena hitiyada

    ReplyDelete