අග්නියේ අපේ සුන්දර ජිවිතේ....

කොහොමද කට්ටියට..? ඔක්කොමල හොදින්නේ නේද.. කැම්පස් ජීවිතෙත් ඔන්න ඉවර උනා ගොඩක් දුකයි මතක් වෙද්දී ඒ ගැන අපේ සෙට් එක ගැන, අය ඉතින් ඔක්කොම හම්බෙයි කියලා කව්ද දන්නේ මමත් ඊයේ රෑ අවා ආයුබෝවන් කියලා ඒත් ගෙදර ඇවිත් ඉද්දී තමා දුක ගොඩක් දැනෙන්නේ කියනවනේ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා. සමහර කට්ටිය දන්නේ නැතිව ඇති අග්නිදිග විශ්ව විද්‍යාලය කියන්නේ මොකක්ද කියලා. මට හිතුනා ඒ ගැන ටිකක් කිව්වොත් හොදයි කියලා. අග්නි දිග විශ්ව විද්‍යාලය ගැන කෙටියෙන් කියනවනම්.
අපේ විශ්ව විද්‍යාලය ශ්‍රි ලංකාවේ 10 වෙනි විශ්ව විද්‍යාලයි. 1995 ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය(ඔලුවිල් විශ්ව විද්‍යාල) (South Eastern University of Sri Lanka) කියලා තමා ආරම්භ කරලා තියෙන්නේ. අම්පාර දිස්ත්‍රීක්කයේ ඔලුවිල් කියන ප්‍රදේශයේ නිල්වන් කෙත් යායද, සුන්දර ගල් ඔයද, නිල්වන් මහ සාගරයද මැදි කරල තමා හදල තියෙන්නේ ඒ කියවන්නේ ඉස්සරහ තියෙන්නේ ලොකු කුඹුරු යායක් වම් පැත්තෙන් ගල් ඔය වටේට යනවා පිටි පස්සේ මුහුද කොහොමද නේද ලංකාවේ මොනම කැම්පස් එකක්වත් නෑ මෙච්චර මේ විදිහට නේද...

විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පීඨ පහක් තියනවා


1 කළමනාකරණය හා වාණිජ පීඨය
2 ව්‍යවහාරික විද්‍යා පීඨය
3 ඉස්ලාම් අධ්‍යාපන සහ අරාබි භාෂා පීඨය
4 කලා හා සංස්කෘතික පීඨය 
5 ඉන්ජිනේරු හා තාක්ෂණ පීඨය



මෙන්න අපේ කැම්පස් එක



මේ අපේ හොස්ටල්

මේ තමා පිවිසුම් දොරටුව අපේ අනන්‍යතාවය කිව්වොත් හරියටම හරි (මේ ෆොටෝ එක ගත්තේ මම හොදේ.)


මෙන්න සම්පූර්ණ පිහිටීම


වැඩි විස්තර දැන ගන්න ඔනි නම් මෙන්න මෙ පහල තියන ලින්ක් වලින් ගිහින් බලාගන්න පුලුවන්.



කරපු කියපු දේවල් ගත්ත නම් කියල වැඩක් නෑ දැන් නම් ඒවා මතක් වෙද්දී දුකක් දැනෙනවා. ඒවා හැමදාම සුන්දර මතකයන් විදිහට අපේ හැමෝගෙම හැමෝම කිව්වේ බැජාලා ටිකට.. හිත්වල හැමදාම තියේවි කියලා හිතනවා..
එහෙනම් කට්ටියටම ජය වේවා.. 

Post a Comment

1 Comments