Mobile Phone එකකින් සිංහල Blog කියවන්න

කොහොමද කට්ටියට..? ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා.. අද කියන්න යන්නේ Mobile Phone එකකින් කොහොමද සිංහල බ්ලොග් කියවන්නේ කියලා. දැන් ගොඩක් අයට Mobile Phone තියන නිසා ගොඩක් වැඩ  එකෙන්මනේ කරන්නේ FB යන්න Mail යවන්න Radio අහන්නත් වගේම Games ගහන්නත් දැන් Mobile එක තමා ගන්නේ. දැන් මේ වැඩ මෙච්චර කරන්න පුලුවන් එකේ Sinhala Blog එකක් බලාගන්න බැරිනම් වැඩක්ද නේද...මේකට හොදටම ගැලපෙන Browser එක තමා Opera Browser එක මෙක දාගත්තම සිංහල අකුරු කියවන්න පුලුවන්. Opera Browser එක ගන්න මෙතනින් යන්න.

http://www.opera.com/mobile

දැන් අකුරු වල ඉස්පිලි ඇලපිලි එහෙම අවුල් වගේ නම් මෙන්න මේ කියලා තියන විදිහට කරන්න එතකොට හරි.


  • Browser එක Open කරගන්න


  • දැන් එකේ මෙන්න මේ විදිහට Type කරලා යන්න (WWW නෑ හොදද)

             opera:config




  • දැන් පිටුවක් ලෝඩ් වෙයි දැන් මෙන්න මේ Use bitmap fonts for complex scripts කියන එක Yes කරන්න 

  • දැන් Save කරන්න 

එච්චරයි.. දැන් සිංහල කලින් පෙනුන් නැති සයිට් එකකට ගිහින් බලන්න සිංහල අකුරු දැන් කියවගන්න පුලුවන් වෙයි.

එහෙනම් කට්ටියටම ජය වේවා ගිහින් එන්නම්.

Post a Comment

0 Comments