RAM Usage අඩු Speed වැඩි Ad නැති සුපිරිම Browser එකක් (PC+Mobile)

කොහොමද කට්ටියට ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. වැඩත් එක්ක දිනපොත පැත්තේ එන්න බැරිවුණා. අද කියන්න යන්නේ ගොඩක් කට්ටියට වැදගත් වෙන දෙයක් ගැන. අපි ඉන්ටෙර්නෙට් යන්න Browser එකක් භාවිතා කරනවනේ මමනම් ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ Chrome/ Firefox තමා නමුත් අපි වැඩි වෙබ් පිටු ගානක් හෝ Web Development or Design කරද්දී Browser එකේ Tab වැඩි ගානක් Open කරගෙන ඉන්න වෙනවා එතකොට Visual Studio වගෙ IDE එකකුත් එක්ක Browser එක Open කරනවා කියන්නේ Lap එකට කෙදිරි ගැවෙන්න RAM එකේ Usage ඉහල යනවා මගෙ ලැප් එකේ 4GB එකෙන් 70% කට වැඩිය Use වෙනවා මම මෙකට වෙන Browser එකක් හොය හොය හිටියෙ Chrome ලගෙ අලුත් එකක් කරනවා කියලා තිබුනා නමුත් මම දන්න විදියට තාම නෑ මෙ අතරෙ තමා Brave Browser එක ගැන දැනගන්න ලැබුනේ මේක Chromium Based Open Source Web Browser එකක්. කියන විදිහට එයාලා අනවශය Code සියල්ල අයින් කරලා Browser එකේ Speed එක වැඩි කරලා තියනවා ඒවගේම RAM එක Use කරන ප්‍රමාණය සැහෙන්න අඩු වෙලා තියනවා. ඒ වගේම  Tracking Protection, Ad Block  තියනවා.  

වැඩි විස්තර මෙතනින් ගිහින් බලාගන්න පුලුවන්


Desktop/Laptop තියන අය මෙතනින් ගන්න.

 https://github.com/brave/brave-browser/releases/tag/v0.62.51







එහෙනම් ගිහින් එන්නම් කට්ටියටම ජය වේවා.

Post a Comment

0 Comments