Laptop Drivers හොයා ගන්න අමාරුද....?

අලුත් අවුරුද්දේ කට්ටියටම සුභ වෙන්න කියන ගමන් බ්ලොග් එක පැත්තේ ආවා, මීට කලින් ලිපියක් Laptop ගන්න අයට දැම්මානේ අද ආවෙ ලැප් ගත්ත අයට පොඩි දෙයක් දෙන්න. ලැප් එකක් ගත්තට සමහර වෙලාවට සියලුම Drivers ස්ථාපනය කරලා නෑ Drivers කියන්නේ අපේ Hardware හොදීන් වැඩ කරන්න අවශ්‍ය මෘදුකාංග මෙවා නැති උනාම පරිගනකයේ වෙගය ටිකක් අඩු වෙනවා වගේම අපිට අවශ්‍ය දේ හරියාකාරව කරගන්නත් අමාරු වෙනවා. දන්නවනේ Shop එකෙන් ඒ වෙලාවෙනේ  OS එකත් ගහල දෙන්නේ. එතකොට ඉතින් Bluetooth , Web Cam, Touch Pad වගේ ඒවගේ බොහෝ වෙලාවට Drivers නෑ. ඉතින් Drivers හොයන්න ගියාම ටිකක් අමාරු වෙනවා. මෙ වගේ දෙයක් මගේ යාලුවන් ටිකකටත් උන නිසා මම මෙ ලිපිය දාන්න හිතුවෙ. හොදම දේ තමා ඔයා ගත්ත Brand එකට අදාල Site එකට ගිහින්ම Drivers ටික භාගන්න එක. මම ගොඩක් අය භාවිතා කරන Brand වලට අදාල Drivers ලබා ගත හැකි Link පහල දාලා තියනවා ඔයාගේ Brand එකට අදාලව ගිහින් අවශ්‍ය Drivers පහසුවෙන් භාගන්න පුලුවන්.

Post a Comment

2 Comments

  1. NEC Laptop එකට අදාල Drivers තියෙන තැනක් මේ විධියටම දාන්න පුලුවන් නම් ඒක ගොඩාක් වටිනවා...ඔබේ බ්ලොග් සටහන් මා තුල මහත් ආශ්වාදයක් මෙන්ම විශාල දැනුමකුත් ජනිත කරනවා..ඔබට ස්තුතියි

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි අයියා මම ඒක දාන්නම්..

    ReplyDelete