කොහොමද
කට්ටියට... කට්ටියටම සුභ වෙන්න කියලා කියන ගමන් කියනනේ SQL Server Sinhala පාඩම් මාලාව ගැන. SQL Server ගැන කෙටියෙන් කිව්වොත් මේක Database
Management System (DBMS) එකක්, කෙටියෙන් කියනවනම් ඒ කියන්නේ Database එකක් හදන්න, නැවත අඩුපාඩු සකස් කරන්න, යාවත්කාලීන කරන්න කොටින්ම ඒ
කියන්නේ Database එක කළමනාකරණය කරන්න සහය දෙන මෘදුකාංගය තමා මේ Database
Management System කියන්නේ. SQL Server එක
කියන්නෙත් මේවගේ Database Management System
එකක් මේක මයික්රෝසොෆ් ආයතනයෙන් දෙන එකක් හැබැයි මේක
නිකන් දෙන එකක් නෙවේ නමුත් අපි වගේ ඉගෙන ගන්න එවුන්ට Express සංස්කරනය නිකන් දෙනවා. Download
කරගන්න කැමති අයට මම ලින්ක් එක පහල දානවා එතනින්
භාගන්න පුලුවන්. මම අද ඉදලා ඔයාලට පාඩම් මාලාවක් විදිහට SQL Server මූලික දේවල් කියලා දෙනවා. මම කියලා දෙන්නේ SQL
Server 2008 R2 Developer Edition මේක හැබැයි
5.30 GB විතර තියනවා. Developer Edition කියලා එච්චර වෙනසක් නෑ දෙකම එක වගේ තමා අපේ වැඩ
ටික කරගන්න ඇති. ම්.. ඔයාට Developer Edition
එක ඔනි නම් ඔයාලට හොදම දේ තමා Shop එකකින් SQL
Server 2008 R2 Developer Edition එක සල්ලි
දීලා ගන්න එක. මගෙ හිතේ ඒක භාගන්නවට වඩා වාසි වෙයි. මොකද එක
උපරිම උනොත් 250ක් වෙයි. හරි අද කිවේ මේකේ මූලික දේවල් ටික. වැඩි විස්තර දැනගන්න
මම ලින්ක් එකක් දාන්නම්. ඊලග
දවසේ ඉදලා පාඩම පටන් ගන්නවා ළමයිනේ. කට්ටියම පන්තියට එන්න ඔන්න. එහෙනම් කට්ටියටම
ජය වේවා...
වැඩිපුර තොරතුරු :- http://www.microsoft.com/en-us/download/details.aspx?id=1695
5 Comments
තමන් දන්නා දේ අනිත් අයට කියාදීම ගොඩක් වටිනවා සහෝ,, :)
ReplyDeleteගොඩක් ස්තූතියි....
ReplyDeleteSQL example ටිකක් දාන්නකෝ ඉක්මනටම
ReplyDeleteaiyooooooo kawadada me padama patan ganne??????dan ki dawasak balagena hitiyada
ReplyDeleteI...O... Ou mamat ehemai
ReplyDelete