SQL Server එකේ Database එකකින් තොරතුරු ලබා ගන්න ආකාරය - SQL SELECT STATEMENT

Comeegedinapotha.blogspot.comකොහොමද කට්ටියටම..? ඔන්න අද කියන්න යන්නේ කට්ටිය බලාගෙන හිටපු දෙයක් ගැන ඒ කියන්නේ කොමීගේ SQL පන්තිය. අන්න ඒකේ පලවෙනි පාඩම පටන් ගන්න යන්නේ. මම කලින් කියලා දුන්නනේ කියන්නේ මොකක්ද කොහොමද SQL Server 2008R2 Express හරියට ස්ථාපනය කරගන්නේ කියලා. ඒක බැලුවෙ නැති අය මෙතනින් ගිහින් ඒවා බලන්න.

01 ආරම්බය (SQL Server ගැන කෙටියෙන්)
02 ස්ථාපනය (SQL Server 2008R2 Installation)

හරි ඔයාලා දැන් හරියට SQL Server Management Studio 2008R2 ස්ථාපනය කරලා ඇති කියලා හිතනවා. මෙකේ වැඩ පටන් ගන්න කලින් අපි Database එකක් Attach කරගෙන අද පාඩම පටන් ගමු. මෙකට ගොඩක් දෙනෙක් භාවිතා කරන Database එක තමා මමත් දෙන්නේ මෙක නොමිලේ දෙන්නේ මෙක Northwind කියල තියන SQL Database එකක් Table හදලා Data Add කරලා ඔක්කොම කරලා තියෙන Database එකක් මෙන්න මෙතනින් ගිහින් ඉස්සරලම ඒක Download කරගෙන ඉන්න.

Sample Database Download By Comeege Dinapotha

දැන් Download කරගත්ත Database  එක Attach කරගන්න තියෙන්නේ. ඉස්සරලම මේක  Extract කරගන්න. දැන් All programs ගිහින් SQL Server Management Studio 2008 R2 Open කරගන්න. ඔයාගේ User Account එක Administrator නෙවේ නම් Right Click කරලා Run as Administrator කියලා Open කරගන්න. හරි දැන් මෙන්න මේ විදිහට Window එකක් එයි මේකේ තියන විදිහට Settings හදාගෙන Connect කියලා දෙන්න.



දැන් Object Explorer ගිහින් Database කියන එක උඩ Right Click කරලා Attach කියන එක Click කරලා Database එක Open කරගන්න.



මෙතනින් Database එක තෝරන්න



හරි දැන් Database එක Attach උනානේ.
අද අපි ඉගන ගන්න යන්නේ කොහොමද SQL Server එකේ තියන Database එකකින් තොරතුරු ලබා ගන්නේ කියලා  (Retrieve Data from SQL Database)  ඒ කියන්නේ අද ඉගෙන ගන්නේ SQL SELECT Statement එක. හරි  දැන්  New Query කියන එක Click කරලා Ap කියන Database එක තෝරලා මෙන්න මේ Query එක ලියන්න

SELECT * FROM Vendors

ඊට පස්සේ Execute කියන එක Click කරන්න දැන් මේ පහල තියන විදිහට vendors table එකේ තියන ඔක්කොම තොරතුරු ටික එනවා.



මෙන්න මෙකයි මේ SQL Query එකේ පදනම

SELECT   තෝරන්න
*  ඔක්කොම
FROM මොකෙන්ද
Vendors කියන Table එකෙන්

ඒ කියන්නේ,

SELECT කරන්න
* මේ ලකුනෙන් කියන්නේ ඔක්කොම කියන එක ඒ කියන්නේ සියලුම දත්ත (මෙතනට තමා Field Name ටික දෙන්නේ පහල තියනවා ඒ ගැන)

FROM කියන්නේ මොන Table එකෙන්ද කියන එක

Vendors මේ තියෙන්නේ Table එකේ නම

මෙන්න මේ මම කියල දුන්න එක තමා පදනම ඒ කියන්නේ හැම විටම එන්න ඕනි

SELECT [field Names] FROM [Table Name]

හරි දැන් මට ඔනි vendors table එකේ ඉන්න සියලු දෙනාගෙම නම සහ Phone Number එක විතරක්, දැන් බලමු අපි කොහොමද ඒක ගන්නේ කියලා.

අර විදිහටම ගිහින් New Query එකක් අරගෙන මේ පහත Query ය ලියලා run කරන්න (F5) (මේ විදිහටම ලියන්න කොමා ලකුණ එහෙම අමතක කරන්න එපා)

SELECT VendorName, VendorPhone FROM Vendors

දැන් පහල තියන විදිහට තොරතුරු ටික එනවා හැබැයි කලින් වගේ ඔක්කොම නෙවේ නම සහ Phone Number එක විතරයි. ඒ කියන්නේ අපි select කරන්න කිව්වේ නම සහ Phone Number එක විතරයි.



මේ ඒකේ තව Table තියනවා ඔයාලට ඒවා Object Explorer ගිහින් Database කියන එක දිගු කරගෙන ඒකේ Ap කියන එක දිගු කරගෙන Tables කියන එකත් දිගු කරගත්තම තියන Tables සියල්ල බලා ගන්න පුලුවන්. දැන් ඒ ඒ Table වගින් කැමති Data ගන්න පුලුවන්ද බලන්න හැබැයි අර නීතිය කඩන්න බෑ ඒ කියන්නේ

SELECT [field Names] FROM [Table Name]

Filed Names, Table  එකේ තියන ඒවා වෙන්නත් ඕනි මෙකේ වෙන ඒවාගේ Data ගන්නත් පුලුවන් ඒවා පස්සට බලමු අපි

හරි එහෙනම් මම හිතනවා අද දෙයක් ගන්න ඇති කියලා. ඊලග පාඩමෙන් කොහොමද විශේෂිත තොරතුරක් ගන්නේ කියලා බලමු. නොතේරුන තැනක් තියනවනම් කමෙන්ටුවක් දාන්න. එහෙනම් ගිහින් එන්නම් ඔක්කොටම ජය වේවා..! දින පොතත් එක්ක හැමදාම ඉන්න ගමන් දිනපොතේ සාමාජිකයෙක් වෙලා Comment  එකක් එහෙම දාලා යන්න. එහෙනම් ගිහින් එන්නම්.



Post a Comment

6 Comments

  1. ස්තූතියි යාලුවා..

    ReplyDelete
  2. හුගක් හොද වැඩක්.....ඉතුරු පොස්ට් ටික දානකම් අපි බලාගෙන ඉන්නවා....දිගටම කරගෙන යන්න....

    ReplyDelete
  3. nice work....අපි වගේ දුප්පත් කොල්ලන්ට ,,,,,,,,,,,

    ReplyDelete
  4. aluth ewa nadda broh ???????????

    ReplyDelete