Laptop එකක් ගන්නවනම් ටිකක් මෙ ගැනත් හිතන්න..

කොහොමද කට්ටියට අවුරුද්දත් ඉවර වෙලා අලුත් අවුරුද්දක් ලබන්න තව දවස් කීපයයි තියෙන්නේ, ලබන අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් කියලා අද කියලාදෙන්න යන්නේ වැදගත් වෙන තව දෙයක් ගැන, ඔයාත් අලුත් අවුරුද්දට ලැප් එකක් ගන්නවනම් මෙක වැදගත් වෙයි. මොකද මෙ කාලේ ලැප් ගන්න කාලයක් වෙලානේ කවුරුත් බලන්නේ ලැප් එකක් ගන්න. ලැප් එක ගන්න ගියාම ප‍්‍රශ්න ගොඩයි....
  • කියක් විතර වෙයිද..?
  • මොන Brand එකද ගන්නේ..?
  • කොහෙන්ද ගන්නේ..?
යන ඒවා තමා හැමෝටම තියන ප‍්‍රශ්න
ලැප් එකක් ගද්දී මම නම් හිතන්නේ එකටම බලන්න ඔනි තමන්ගේ අවශ්‍යතාව ඒ කියන්නේ ලැප් එක ගන්න ප‍්‍රධාන හේතුව. Programming කරන්නද, Graphic, Video Editing වගේ වැඩ වලටද, Document හදන්න වගේ පොඩි වැඩ වලටද, Internet ඉන්න වගේ වැඩ වලටද, Game ගහන්න වගේ ඒවටද කියලා.  Programming, Graphic, Video Editing වගේ කරන්න බලාපෙරොත්තුව නම් ඔයාට හොද Processor එකක් තියන RAM එක වැඩි VGA වැඩි ලැප් එකක් ගන්න වෙනවා. ඒ කියන්නේ අඩුම Core i 3 ලැප් එකක් වත් ගන්න ඔන. අනෙක් වැඩ වලටනම් Atom proessor එකක් තියන ලැප් එකක් ගත්තත් ප‍්‍රශ්නයක් නෑ ඒත් මුදල් ගැන ප‍්‍රශ්නයක් නැතිනම් අලුත් ලැප් එකක් ගන්න එක තමා හොදම. මොකද එන්න එන්න අලුත් දෙවල් එනවනේ. දැන් Atom ඉදලා Core i 7 යනකම් තියනවා. මෙවගේ 2nd Genaration එකත් ඇවිත් තියෙන්නේ. 2nd Genaration එක 1nd Genaration එකේ ලැප් එකකට වඩා ටිකක් මිල අධිකයි හැබැයි වාසිය තමා ගොඩක් වැඩ එකවැර කරන්න පුලුවන්, මන්දගාමී වෙන එක ගොඩක් අඩුයි. ඒ ඔක්කොම ගැන හිතද්දී ඉස්සරලම හිතන්න මොන දේටද ලැප් එක අවශ්‍ය, ඊට පස්සේ ඒදේ කරන්න මොන මොන ගුනාංගද අවශ්‍ය කියලා, ඒ කිවෙ
  • Processor Speed  (Atom/ Dual Core/ Core i 3/5/7)
  • Cache Memory (3MB L2 Cache)
  • RAM (2GB/4GB)
  • VGA (512MB/ 1GB)
  • Hard Disk (320GB/ 500GB)
  • Screen Size (14/15.6)
  • Wireless Connectivity (bluetooth, wifi)
ඊලගට තියන මුදල බලන්න, අතේ තියන ගානට ඔයාට ඒ අවශ්‍ය ලැප් එක ගන්න පුලුවන්ද..? ඒ මොන Brand එකෙන්ද බලන්න. ඊලගට කොහෙන්ද ගන්නේ බලන්න. ඒ කියන්නේ ඒ ඒ Brand වලට ලංකාවෙ
Authorized Dealers ඉන්නවා එයාලගෙන් ගන්නවනම් ගොඩක් හොදයි ඒත් ඒ ගොල්ලන්ගෙන් ගද්දී සාමාන්‍ය මිලට වඩා 15000ක් 20000ක් විතර වැඩිපුර ගෙවන්න වෙනවා. සමහර විට ඒක පාඩුවක් නෙවෙ මොකද මම අහල තියන විදිහට MC එතකොට Unity Plaza වල තියන ලැප් එයාලම Assemble  කරපුවා ගාන ගොඩක් අඩුයි ඒත් වැඩ කරගෙන යද්දී තේරෙන්නේ වෙනස මොකද ඒ ලැප් මන්දගාමී බවින් ගොඩක් වැඩියි, චාර්ජින් ප‍්‍රශ්න, යතුරු පුවරුවෙ දෝශ වගේ ගොඩක් තියනවා. ඒ නිසා මිලදී ගන්න යද්දී විශ්වාසවන්ත හොද තැනකින් ගන්න කියලා තමා කියන්නේ. මම නම් හිතන විදිහට ඔයාලට හොදම දේ තමා ලැප් එකට අදාලව ලොකේ අනෙක් අයගේ ප‍්‍රතිචාර , Problems, Errors Search කරලා බලන එක. ඊට අමතරව ගත්ත අයගෙන් විස්තර අහලා බලන්න ඒ කියන්නේ ගන්න කලින් ගොඩක් විස්තර හොයලා බලලා මෙ පිලිබද දන්න කියන කෙනෙක් එක්ක ගිහින් ලැප් එක ගන්න කියන එක තමා හොදම දේ.

Post a Comment

1 Comments

  1. මමත් ගන්න හිතන් ඉන්නේ..ස්තූතුයි පොස්ට් එකට,
    තවත් විස්තර දාන්න පුලුවන් නම් ගොඩක් හොදයි??
    හොද වර්ග
    ගන්න හොද අයතන
    එ වගේ දෙවල්

    ReplyDelete